Friday, November 1, 2013

දැන්ම පියවරක් නොගත්තොත් මහා අනතුරක් අතලඟ

අපට බ්‍රේක් නැත… අපට බ්‍රේක් තිබුණත් ගහන්න හිතෙන්නේ නැත.. හිතෙන්නේම අනිකා ඉස්සර කරගෙන ගොස් ඉස්සරහින්ම යන්නය.. බයිසිකලේ ගියත් මොන්ටෙරෝවේ ගියත් අපට බ්‍රේක් නැත.. අප හිතන්නේ පාරේ යන්නේ අප විතරක් බවය.. මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය.. ඩිංගක් බලයක් ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීයාගේ සිට ඇමතියා දක්වා හිතන්නේ උන් යනකොට අපි කාණුවලට බැහැලා උන්ට ඉඩ දිය යුතුය කියාය.
අපේ ජනාධිපතිතුමා තවත් අවුරුදු පන්දහසකට රජවෙන්න කටුනායක – පෑලියගොඩ එක්ස්ප්‍රස්වේ එක හදා නිම කළේ පැරණි රජදරුවන් අනුරාධපුරයේ සිට මාගම දක්වා හැදූ අඩි දෙසීයක් පළල ලොව පළමු එක්ස්ප්‍රස් වේ එකට නොදෙවනි වන්නට ය. වැඩේ හොඳය.. කටුනායක සිට පෑලියගොඩට නිසි වේගෙන් එනවා නම් වැය වන්නේ හරියටම විනාඩි 20 කි. නමුත් පෑලියගොඩ බෝතල් කටේ හිරවෙලා බොරැල්ලට එන්න පැය බාගයක් හෝ ඉතාමත් වාසනාවන්ත නම් පැයකට ආසන්න කාළයක් ගත වේ….
නමුත් ප්‍රශ්නය එය නොවේ… අපට බ්‍රේක් නැතිකමය. එක්ස්ප්‍රස් එකේ සීයට එන අපි පෑලියගොඩට ලංවත්ම අසූවට අඩු කළත්, අපට බ්‍රේක් නැති නිසා හැටට හැටේ ඇරලා එන්නේය. පෑලියගොඩ පාලමට එකතු වන විට අපි පෑලියගොඩ ඉන්නබව මතක් වෙන්නේ පාලමෙන් බාගයක් ගිය පසුය… නුවර පාරේ බස් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ එන්නේද හැටට හැටේ ඇරලාය.. මේ දෙකම එකතු වෙන්නේ පෑලියගොඩ පාලම මතදීය…
CKE Opening - 2013_10_27
දිනක් අපි ගාල්ලේ සිට එනවිට සුදු පැහැති මොන්ටෙරෝවක් කාණුවක් තුළ තිබුණේ කොට්ටාව ටෝල් බූත් එකේය.. එතැන නවත්තන්න අනිවාර්ය බව දැන දැනත් ඒ අහිංසකයා කාණුව වන්දනා කිරීමට සමත්ව තිබුණේ අපේ රෝඩ් ඩිසිප්ලින් එකේ ඈස් චරිය මොනවට කියාපාමිනි.
පෑලියගොඩ පාලම මහා විනාශයක පෙර නිමිත්තකි. අදින් ඇරඹෙන්නේ අනතුරු නිවාරණ මාසයයි. මෙතැන මහා විනාශයක් වන්නට පෙර කටුනායක පෑලියගොඩ එක්සිප්‍රස් වේ එකේ අවසාන කොටසේ ස්පීඩ් බම්ප් දෙක තුනක් දැමීමෙන් මේ විනාශය මඟහරවා ගත හැක
ඔබ මෙය වගකිවයුත්තන්ට පවසා ලකුණු දමාගත්තාට කමක් නැත… මට ලකුණු අවශ්‍ය නැත.. මට අවශ්‍ය අනතුරක් වලක්වා ගැනීමටය…
එක්ස්ප්‍රස්වේ එකේ රිය පදවන ඔබත් මේ ගැන සැලකිළිමත් වන්න. මෙතැන වේගය අඩාල කිරීමට මටත් මතක් වූයේ හන්දියටම පැමිණි පසුය… එය බොහෝ දෙනෙකුට එසේ වනු ඇත…
දැන්ම ක්‍රියාත්මක වන්න…. ඔබත් පරෙස්සම් වන්න.. අප සතුව ඇත්තේ, කකුල් දෙකක්, අත් දෙකක්, එක හිසක් සහ එක ජීවිතයක් පමණක් බැවිනි… අප වෙනුවෙන්, අප නිසා ජීවත්වන බොහෝ දෙනෙකු අප වටා සිටින බැවිනි.
ඔබ සැමට අනතුරු රහිත මාසයක්, වසරක්, වේවා !

12 comments:

  1. ඔය කියන විදියට සෑහෙන අනතුරක පෙරනිමිත්තක් තමයි...අපේ රටේ කොහොමත් දෙන්නෙක් තුන්දෙනෙක් අනතුරට පත්වෙනකං මෙහෙම අඩුපාඩු පෙන්වා දුන්නට ගනන් ගන්නෙ නෑ...මේ වතාවෙදිවත් එහෙම නොවේවා කියලා පතනවා..

    ReplyDelete
  2. //මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය//

    අපිට කාර්වල යන උන්ව පේන්නෙත් එහෙම තමා ,

    ReplyDelete
    Replies
    1. අන්න අටමා බොක්කෙන්ම කියලා.

      Delete
    2. යකෝ වැරදි පැත්තෙන් overtake කරන්නේ සහ වාහන පේලි දෙකක් අතරෙන් side mirror හප්පගෙන යන්නේ bike නෙමෙයිද? පාර block වෙලාවට වැරදි පැත්තෙන් ගිහින් කාටවත් යන්න බැරුව හිරකරන්නේ ත්‍රී වීල් නෙමෙඉද

      Delete
    3. හි හි හි මේක මහා අමුතු ප්‍රශ්නයක් අයියේ ,,,

      Delete
    4. //යකෝ වැරදි පැත්තෙන් overtake කරන්නේ//

      සාමාන්‍ය නීතියට අනුව ඕනෙම වාහනයක් overtake නොකරන වෙලාවට තමන්ගෙ මං තීරුවෙ වම් පැත්තෙන් යනවනම් bike වලට වැරදි පැත්තෙන් overtake කරන්න ඕනෙ වෙන්නෙ නෑ. overtake කරන්න බැරි බව දැන දැනම, එහෙම නැත්තන් කිසිම අවශ්‍යතාවයක් නැතුව දකුණු පැත්තෙන් ඔහේ යන කාර්, වෑන්, බස්, ලොරි ඕන තරම්.

      Delete
  3. // මෝටසයිකල් කාරයෝ සහ ත්‍රීවිල් කාරයෝ හිතන්නේ පාර උන්ගේ කියාය..//

    අපිට කාර්වල යන උන්ව පේන්නෙත් එහෙම තමා

    ReplyDelete
  4. ඔක ලොකු ගැටලුවක් තමයි.ගාල්ලෙ හයිවෙ එකෙන් පිට උනාට පස්සෙ තියෙන පාරෙ යන්න මාර බයයි.හැමදාම වගෙ පොඩි අනතුරක්වත් වෙනව.එලියට දාලත් 100ට වැඩියෙන් යනව.අනිත් එක සමහරු හයිවෙ එකෙ අන්තිම හරියෙ "දැන් වෙගය අඩුකරන්න" කියන එක දැක්ක හැටියෙ 30 විතර අඩු කරනව.එකෙන් පස්සෙන් එන අය අමාරුවෙ වැටෙනව.60 තමයි ඔය දෙකටම හරියන වෙගෙ.
    හය හතර

    ReplyDelete
  5. මම තාම ඕක දැක්කෙවත් නෑ. දැන්වත් කලාට ස්තුතියි ඇල්.

    ReplyDelete
  6. මේ වන විට මා දෙවරක් කටුනායක හයි වේ එක භාවිත කලෙමි. එහි වේග සටහන් පුවරු වල ආකාරයට, පිටත් වීමේ ස්ථානය ආසන්නයේත් වේගය 100>80>60 දක්වා පිළිවෙලින් අඩු වන්නේ ඉතා ලග දුර ප්‍රමාණයක් ඇතුලතය. එසේම මුදල් ගෙවන ස්ථානය ඇත්තේ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර ගණනාවක් ඇතුලෙන්ය. එය ට්‍රැෆික් අවම කිරීමේ අරමුණින් යොදන්නට ඇත. එහෙත් එය තවත් ප්‍රධාන මාර්ගයට ආසන්න වූවා නම් හයි වේ එක තුලදීම තවත් කාල සීමාවක් ඇතුලත වේගය අඩාල කර ගත හැකිය.

    මොනවා වුනත් මහ රජා කළ වැඩේ නම් හොදය. එහෙත් වැඩි වියදම් (පවුල් නඩත්තු විදයම්) සහිතව ඉදි කිරීම දුක්ඛිතය.

    ReplyDelete
  7. අපි වෙනදා වගේම මොකක් හරි වෙලා, ලොකු තැනට ඒ ගැන සංකල්කපයක් පහල වෙනකන් ඉමු.

    අනේ ඒත් පාර දෙපැත්තේ දහ අට රියන් රූපේ දැක්කම , බ්රෙක් මතක් වෙන්නේ කාටද ආයුබෝං.

    ReplyDelete
  8. මම නම් කියන්නේ ඔතනට ක්සි ජින්පින්ග් ගේ ලොකු පහේ රුපයක් දාන්න ඕන කියල. පට ගාල වේගේ අඩුවෙන්නේ නැත්ද බලහල්ල . ..

    ReplyDelete